Sign in to follow this  
D2

Windows 10 වල Save වෙලා තියන Wi-Fi Password බලමු

2 posts in this topic

wifi.png

හලෝ කට්ටිය මරුසිරා වෙබ්සයිට් එකට සාදරයෙන් පිළිගන්නවා. :yes:  අද අපි බලමු කොහොමද වින්ඩොව්ස් වල save වෙලා තියන Wi-Fi password බලන්නෙ කොහොමද කියල.

ක්‍රම 2ක් තියනවා.

1.Third party software එකකින්

Software එකේ නම තමයි WirelessKeyView ඔය තියන ලින්ක් එකෙන් සයිට් එකට ගිහින් download කරගන්න පුලුවන්.

WirelessKeyView.png

Virus Guard එක කෑගහන්න ඉඩ තියනව හැබැයි. බය වෙන්න දෙයක්නම් නෑ.

දැන් බලමු ඔය එක එක software මගුල් install කරගන්නෙ නැතුව විනාඩි 2න් වැඩේ කරගන්නෙ කොහමද කියල.

 

2. වින්ඩොව්ස් PowerShell එකෙන්

මුලින්ම PowerShell එක open කරගන්න.

keyboard එකේ තියන Windows key + x press කරලා PowerShell තෝරගන්න නැත්තම් start menu එකේ search කරන්න.

powershell.PNG

දැන් ඔය window එකක් ආවනෙ එකෙ මෙන්න මේ command එක ගහන්න.

netsh wlan show profiles

දැන් Enter ඔබන්න.

1.PNG

දැන් ඔය වගේ එකක් ආවනේ Wi-Fi නම් ටික තියන. දැන් ඊළග command එක ගහමු.

netsh wlan show profile name="NETWORK" key=clear

ඕකෙ NETWORK කියල තියන එක replace කරන්න අදාල Wi-Fi name එකෙන්. මෙන්න මේවගේ. 

Eg: netsh wlan show profile name="Sweech-7666" key=clear

දැන් Enter ඔබන්න.

දැන් බලන්න "Security Settings" කියල එකක් යටතේ තියනවා "Key Content" කියල එකක් ඔන්න password එක හොයාගත්තා.

2-1.PNG

වැඩේ හොදයි නම් සයිට් එකේ රෙගිස්ටර් වෙලා පොස්ට් එක share කරල සප් එකක් දෙන්න. ප්‍රශ්න තියනවනම් පහළින් දාන්න.

ජය ශ්‍රී :)

  • Like 2

Share this post


Link to post

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
Sign in to follow this